අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට දහවල් 12දක්වා මධ්‍යම අධිවේගයේ නොමිලේ ගමන් කරන්න හැකියි – මහාමාර්ග ඇමති ජොන්ස්ටන්

0
86

අතිගරු ජනාධිපතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් 15-01-2022 වන අද දින ජනතා අයිතියට පත්කල මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ( ඇතුගල්පුර පිවිසුම ) මීරිගම සිට කුරුණෑගල ගැට්ටුවාන පිවිසුම දක්වාත් ගැට්ටුවාන සිට මීරිගම දක්වාත් මහජනතාවට අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට දහවල් 12 දක්වා නොමිලේ ගමන් කල හැකි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

අධිවේගී මාර්ගයේ ගමන් කිරීම සදහා අවසර ඇති වාහන පමණක් මෙහි ධාවනය කල හැක. ට්‍රැක්ටර් ,ත්‍රීවීලර් ,යතුරුපැදි , පාපැදි ,කරත්ත යනාදිය අධිවේගී මාර්ගයේ ධාවනය කල නොහැක.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here